Press "Enter" to skip to content

Sun Cream එකක් නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද?

හිරු කිරණින් සම ආරක්ෂා කරගන්න ඔබ විවිධ ආලේපෙන වර්ග භාවිතා කරනවා. ඉතින් හිරු එළියට නිරාවරණය වෙද්දී භාවිතා ඊටම අදාළ sun cream වර්ග තියෙනවා. ඒත් සමහරු කියන කතාවක් තමයි sun cream ආලේප කළත් කළු වෙනවා කියලා. ඒ නිසාම මේ කියන්න යන්නේ sun cream එකක් නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියලා.

sun cream එකක් ආලේප කළ යුතු නිවැරදි වේලාව

සාමාන්‍යයෙන් අව්වට යන්න විනාඩි 20 කලින්වත් sun cream ආලේප කළ යුතු වෙනවා. සමහරු එළියට බහින්න ඔන්න මෙන්න කියලා sun cream ආලේප කරනවා. එය සම්පූර්ණයෙන් වැරදි බව මතක තබාගන්න.

නිවැරදි sun cream එකක් තෝරාගන්නේ ගන්නේ කොහොමද?

වයස අනුව, අව්වේ ඉන්න වේලාව එහෙමත් නැත්නම් ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්. sun cream දරුවන්ට වෙනම තියෙනවා. වැහිහිටියන්ට වෙනම තියෙනවා. ඒ වගේම ක්‍රීඩා කරන අයට වෙනම තියෙනවා. saloon භාවිතා කරන්නේ වෙනම එකක්.

ඒ වගේම sun cream සහ sun protection cream කියලා දෙකක් තියෙනවා. sun protection cream මඟින් සිදු වන්නේ ආරක්ෂා කිරීමක්. ඒ කියන්නේ, එය ආලේප කර අව්වට ගියාම හිරු එළිය සම මතට වැදී පරාවර්තනය වෙනවා. නමුත් sun cream එකෙන් හිරු එළිය සම ඇතුළට යන එක වළක්වනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!