Press "Enter" to skip to content

සිරුරට බාහිරින් හිතුමනාපෙට කැල්සියම් ලබා ගත්තොත් මොකද වෙන්නේ?

ගොඩක් දෙනෙක් තමන්ට කැල්සියම් ඌණතාව පවතිනවා යැයි සැකය මත හිතුමනාපේ බාහිරින් කෘතිමව කැල්සියම් ලබාගන්න උත්සහ කරනවා. හැබැයි කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව කැල්සියම් හෝ ඕනෑම විටමින් වර්ගයක් සිරුරට බාහිරින් කෘතිමව ලබාගැනීම සුදුසු දෙයක් නෙවෙයි.

කැල්සියම් කියන්නේ අපේ සිරුරට අතවශ්‍ය සංඝටකයක්. දත් සහ අස්ථි පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යාමට,සිරුරේ පරිවෘත්තීය ක්‍රියා හොඳින් සිදු වීමට,රුධිර නාළ සහ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවීමට ,ශරීරයට අවශ්‍ය හෝර්මෝන සහ එන්සයිම ස්‍රාවය කිරීමට වගේම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට කැල්සියම් අත්‍යවශ්‍යයි.

නමුත් ඔබේ හිතුමනාපෙට කැල්සියම් ගන්න ගියොත් අතුරුආබාධ රැසකට ඔබට මුහුණ දෙන්න සිදු වේවි.

අවශ්‍ය ප්‍රමාණයට වඩා කැල්සියම් ගැනීම් නිසා ඇති වන ගැටළු

  • වකුගඩුවල ගල් ඇතිවීම
  • වකුගඩු නාළවල සියුම් බිඳීම් ඇතිවීම
  • කැල්සියම් තැන්පත් වීම නිසා ශරීරයේ නම්‍යතාවයට බලපෑම් එල්ල වීම ඇතුළු ගැටළු රැසක් ඇති වීමට පුළුවන්.

මේ නිසා පුළුවන් තරම් ස්වාභාවිකවම කැල්සියම් සිරුරට ලබාගන්න උත්සහ කරන්න.

කැල්සියම් බහුල ආහාර මොනවාද?

  • හාල් මැස්සන්
  • කිරි ,මුදවපු කිරි
  • කූනිස්සන්
  • දිවුල් ,නෙළුම් අල ,මුරුන්ගා ,තද කොළ පැහැති පලා වර්ග

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!