Press "Enter" to skip to content

Super Market එකෙන් බඩු ගන්නවට වඩා සිල්ලර බඩු කඩයකින් බඩු ගැනීමෙන් ඔබට ලැබෙන වාසි

අද වෙනකොට බොහෝදෙනෙක් භාණ්ඩ මිලදී ගන්න හුරුවෙලා ඉන්නේ super market එකෙන්. එකම වහලක් යටින් බඩු ගන්න super market හොඳ වුණාට සිල්ලර බඩු කඩෙන්, එහෙමත් නැත්නම් තොග කඩෙන් බඩු ගැනීම ඊට වඩා වාසියක් තියෙනවා.

  • සාමාන්‍යයෙන් super market වලට වඩා සිල්ලර කඩ, තොග කඩ වල බඩු ගණන් අඩුයි. සෑම භාණ්ඩයක්ම එහෙම මිල අඩු වෙන්නේ නැහැ. නමුත් super market එකට වඩා සිල්ලර බඩු කඩවල් වල බොහොමයක් භාණ්ඩ වල මිල අඩුයි. විශේෂයෙන්ම එළවලු වගේ දේවල්.
  • super market එකෙන් එළවලු වගේ දේවල් ගන්නවා නම්, නියම කරලා තියෙන මිලට තමයි ගන්න වෙන්නේ. හැබැයි වෙනත් පොඩි කඩයකින්, පොළකින් එළවලු වගේ දේවල් ගන්නවා නම් හෙට්ටු කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන ගානට වඩා ටිකක් අඩු කරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයිසති ගණන් super market එකේ තියෙන එළවලු , පළතුරු වලට පොළට හෝ වෙනත් පොඩි කඩයකින් නැවුම් එළවලු, පළතුරු මිලදී ගැනීමෙන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවා දවස් කිහිපයක් නරක් නොවී තියාගන්නත් පුළුවන්.
  • සාමාන්‍යයෙන් super market වල තියෙන භාණ්ඩ එකම වර්ගයේ, ඔවුන් නිර්දේශ කරන barand වර්ග. ඒ කියන්නේ ජනප්‍රිය සමාගම් වලින් ලබාගන්න භාණ්ඩ වර්ග පමණයි. හැබැයි පොඩි කඩවල් වල,සිල්ලර බඩු කඩවල් කවදා දැකපු නැති නමුත් හොඳ brand වල භාණ්ඩ දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම ඉස්සර භාවිතා කළ ඇතැම් භාණ්ඩ භාණ්ඩ, ද්‍රව්‍ය පවා තවමත් පොඩි කඩයකට ගියොත් ගන්න පුළුවන්.
  • ගොඩක් දෙනෙක් එක වරම මාසයකටම ඇති වෙන්න බඩු ගේනවා. අන්න ඒ වගේ වෙලාවට හෝ වෙනත් උත්සව අවස්ථාවකට හෝ බඩු ගන්නවා නම් හොඳම තැන තමයි සිල්ලර බඩු කඩය, එහෙමත් නැත්නම් තොග බදු කඩය. මොකද ඒ වගේම කඩවල් වලින් සාමාන්‍යයෙන් super market වලට වඩා අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. සමහර එව්වගෙන් බඩු ලොකු ප්‍රමාණ වලින් ගන්නකොට තවත් ගාණ අඩු කරලා දෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!