Press "Enter" to skip to content

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙර සහ ලබා ගැනීමෙන් පසු ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

මේ දිනවල රට පුරා පැතිරෙන කොවිඩ් අවදානමෙන් බේරෙන්න සෞඛ්‍ය අංශ මඟින් එනත්කරණය සිදු කරනවා.ඔබ මොන කොවිඩ් මර්දන එන්නත ලබාගත්තත් එය ලබාගැනීමට පෙර සහ එම එන්නත ලබා ගැනීමෙන් පසු ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකය විසින් සඳහන් කරලා තියෙනවා.

ඒ මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත්.

  • එන්නත ලබා ගැනීමට පෙර තමාට ඇති රෝග සම්බන්ධයෙන් එන්නත ලබාදෙන ස්ථානයේ සිටින වෛද්‍යවරයා දැනුවත්කොට අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුය.
  • එන්නත ලබා ගැනීමෙන් පසු දින තුනක්වත් ගතවන තෙක් අනවශ්‍ය ලෙස වෙහෙස නොවිය යුතුය.
  • සාමාන්‍ය උණ තත්ත්වයක් පවතී නම් පැරසිටමෝල් පෙති දෙකක් ලබා ගන්න.
  • පැය 48කට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
  • එන්නත ලබා ගැනීමෙන් පසු වෙනත් රෝග සංකූලතා ඇති වේ නම් වෛද්‍යවරයකු හමුවන්න.
  • උණ තත්ත්වයක් නොමැති නම් ස්නානය කිරීම ගැටලුවක් නොමැත.
  • නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ඇත්නම් අවශය බෙහෙත් නිසි වේලාවට ලබා ගන්න.
  • එන්නත ලබා ගැනීමට පෙර සහ පසු ගනු ලබන ආහාර පිළිබඳ විශේෂයක් නොමැති අතර තමාගේ සාමාන්‍ය ආහාර වේල ලබා ගන්න.
  • සෑම විටම මුව ආවරණ පලඳින්න. සෞඛ්‍ය නීති රීති අනුගමනය කරන්න.
  • දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා එන්නත ලබාගත් ස්ථානයෙන් ලබා දුන් කාඩ්පත සුරැකිව තබා ගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!