Press "Enter" to skip to content

පෙරුම්කායම් වලට පුළුවන්ද කොවිඩ් පරදන්න. – විශ්ලේෂණාත්මක හෙළිදරව්ව

පෙරුම්කායම් තියෙනවද? පෙරුම්කායම් කෑල්ලක් බැදගත්ත නම් ඔයා ඔක්කොම හරි? මේ දවස් වල හැමතැනින්ම ඇහෙන්නේ ඒ වගේ කතා. කොවිඩ් වලන් ආරක්ෂා වෙන්න හොඳම බෙහෙත පෙරුම්කායම් කියලා ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් මේ කතාව ඇත්තද? අද Behappy තුළින් අපි ඒ ගැන හොයලා බලන්න ලෑස්තියි.

දේශීය හෙළ වෙදකම තුළ දකින්න ලැබෙන සුවිශේෂී ඖෂධයක් තමයි පෙරුම්කායම් කියන්නේ. ඉස්සර කාලේ පැපොල, සරම්ප වැනි බෝ වන රෝයක් හැදුණොත් එම රෝගියාගේ අතේ සහ රෝගියාගේ අවට සිටින අනෙක් අයගේ අතේ පිරිසුදු සුදු රෙදිකඩක එතූ පෙරුම්කායම් කැබැල්ලක් බඳිනවා. ඒ ඒ, රෝගියාගෙන් අනෙක් අයට එම රෝගය පැතිරීම වළක්වා ගැනීමට. ඉතින් මේ නිසයි කොවිඩ් වලට මෙය හොඳයි කියලා කියන්නේ. ඉතින් අපි බලමු ඇත්තටම මොනවද පෙරුම්කායම් වල තියෙන සෞඛ්‍ය ගුණ කියලා.

පෙරුම්කායම් වල සෞඛ්‍ය ගුණ

  • වෛරස් වලට ප්‍රතිරෝධීව ක්‍රියා කරයි

වෛරස් වලට ප්‍රතිරෝධීව ක්‍රියා කිරීමේ බලයක පෙරුම්කායම් වලට තියෙනවා. විශේෂයෙන්ම H1N1 වැනි හානිකර වෛරස් වල වර්ධනයට හා ප්‍රජනනයට පෙරුම්කායම් බාධා කරන බවයි නවතම අධ්‍යයනවලින් පවා අනාවරණය කරගෙන තියෙනවා.

  • ආහාර ජීර්ණයට

පෙරුම්කායම් වලින් ආහාර ජීර්ණ ගැටළු පහසුවෙන් වළක්වා ගත හැකි අතර ආහාර ජීර්ණ පද්ධතියෙන් විෂ ඉවත් කිරීමද සිදු කරනවා.

  • සුවපත් කිරීමේ හැකියාව

පෙරුම්කායම් තලපයක් ලෙස සාදා තුවාල මත ගැල්වීමෙන් තුවාල වලටද ක්ෂණික සුවයක් ලැබෙන බව සඳහන්.

  • පණු අමාරුවට ප්‍රතිකර්මයක් ලෙස

පෙරුම්කායම් වල ඇති සැර සුවඳ මගින් පණුවන් පලවා හැරීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා පෙරුම්කායම් ස්වල්පයක් උණුසුම් ජලය සමඟ මිශ්‍ර කරලා රෑ නින්දට කලින් බොන්න.

  • කෘමී දෂ්ඨ කිරීම් සඳහා

පෙරුම්කායම් වලින් කෘමී දෂ්ට කිරීම් සුව කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව සුදුළූණු සහ පෙරුම්කායම් එකට අඹරා තලපයක් සාදා කෘමී දෂ්ඨ කළ ස්ථානයේ ආලේප කරන්න.

ආහාරයක් විදිහටත්,රූපලාවන්‍ය සත්කාර ලෙසත් භාවිතයට ගැනෙන පෙරුම්කායම් බොහොමයක් වෛරස වලට එරෙහිව ක්‍රියා කරන බවට පිළිගත් ඖෂධයක්. ඒ නිසාමයි කොවිඩ් වලින් ආරක්ෂා කරන්නත් පෙරුම්කායාම් වලට පුළුවන් කියලා ගොඩක් විශ්වාස කරන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!