Press "Enter" to skip to content

බලං ඉද්දී Job එකේ උඩටම යන්න හොඳම ඉනිමඟ

Job එක ඔබේ hobby එක අත් හරින්න සිදුවුණාද? හැබැයි ඔබ දන්නවද? වෘත්තීයමය ජීවිතයට hobby එක විශාල බලපෑමක් සිදු කරන බව. මොකද job එක සතුටින් සහ නිවැරදිව කරන්න නම් ඔබ ප්‍රබෝධවත්, නිර්මාණශීලී පුද්ගලයෙක් විය යුතුයි. ඉතින් අපි අද Be happy තුළින් කතා කරන්න යන්නේ, මානසික ආතතියෙන් මිදී, ආත්ම විශ්වාසයෙන් යුතුව job එක කරන්න ඔබට උදව් වන hobbies මොනවද කියලා.

  • චිත්‍ර ඇඳීම

කුඩා කාලයේ සිටම බොහෝදෙනෙකුගේ hobby එක චිත්‍ර ඇඳීම. job එකත් සමඟ එය මඟ හැරුණත් හවසට ඔබේ hobby එකට කාලය වෙන් කරගන්න. කාර්යබහුල ජීවිතයත් සමඟ ඇති වන ගැටළු වලින් ඔලුව ටිකක් නිදහස් කරගන්න නම් චිත්‍රයක් අදින්න. ඒ වගේම නිර්මාණශීලිත්වය සමඟ ප්‍රබෝධමත් වෙන්න මේක හොඳ වැඩක්.

  • ගෙවතු වගාව සහ උයන් අලංකරණය

මල් ගහක් හෝ ඕනෑම ශාකයක් වවන්න වගේම එය රැකගැනීම එතරම පහසු දෙයක් නම් නෙවෙයි. හැබැයි එමඟින් ඉවසීම,අඛණ්ඩව පවත්වා ගැනීම වගේ වටිනා පුරුදු රැසක් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්.

  • සැරසිලි සහ විසිතුරු නිර්මාණ

ඔබ අවට විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ නිර්මාණ කිරීම ගොඩක් දෙනෙකුගේ hobby එක. ඉතින් එවැනි විවිධ නිර්මාණයන් තුළින් නිර්මාණශීලීත්වය වගේම ඔබේ මනස අලුත් සිතුවිලි වලින් සන්නද්ද කරගන්න පුළුවන්. ඒ වගේම ආත්ම විශ්වාසය ඇති කරගන්නත් මෙය රුකුලක් වෙනවා.

  • ක්‍රීඩා

Cricket, football, volleyball, දාම්, චෙස් වැනි ක්‍රීඩාවන් වල නිරතවීම වැදගත්. විශේෂයෙන්ම කණ්ඩායම් ක්‍රීඩා වල නිරත වීමෙන් කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ හැකියාව, අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව සහ එකමුතුවෙන් වැඩ කිරීම වැනි යහපත් ගුණාංග වැඩි දියුණු වෙනවා. එමෙන්ම ක්‍රීඩා කිරීම ඔබේ මනස සැහැල්ලු කරගන්නත්, නිරෝගීව ඉන්නත්, බුද්ධිය වර්ධනයටත් උදව් වෙනවා.

job එකක් කරද්දී හෝ වෘත්තීයමය ලෙස ඔබේ ජීවිතය පටන් ගද්දි ගොඩක් දෙනෙක්ට තමන්ගේ hobby මඟ හැරෙනවා. ඒත් ඔබේ hobby එකට පුංචි හෝ කාලයක් වෙන්කරන්න. එමඟින් ඔබේ ජීවිතයේ ගොඩක් ගැටළු නිරාකරණය කරගන්නත්, වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්නත් ලොකු පිටුවහලක් වෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!