Press "Enter" to skip to content

Laptop එකේ ආයු කාලය රකින රහස් 6ක්

Laptop එකේ battery එක ඉක්මනින් බහිනවද? ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඉතින් laptop එකක් use කරන්න පටන් අරන් වසර දෙක තුනක් යද්දී laptop battery එකේ ආයු කාලය අඩුවෙන එක සාමාන්‍යය දෙයක්. ඊට පස්සේ laptop එකෙන් වැඩ කරන්න නම් කරන්ට් එකට එකදිගටම plug කරන්නම වෙනවා. ඔබේ නොදැණුවත්කම හෝ නොසැලකිලිමත්කම නිසාමයි ගොඩක් වෙලවට මෙහෙම වෙන්නේ. ඒ නිසාම දන්න නොදන්න හැමෝට Behappy තුලින් අද කියලා දෙන්න යන්නේ laptop battery එකේ ආයු කාලය වැඩි කරගන්න අපිට මොනවාද කරන්න පුළුවන් කියලා.

  • Battery එක charge කරන වාර ගණන අඩු කරන්න

මෙහිදී ඔබ laptop එක 100ටම charge කරලා battery එක ටිකක් අඩු වුණ ගමන් ආයෙත් 100ටම charge කරන එක නෙවෙයි. ඔයා මුලින්ම laptop එක 100 ට charge කරගන්න. ඊට පස්සේ laptop එකේ power settings ගිහින් auto hybernet වෙන්න සකසන්න. එතකොට ඔබ පැයක් විතර laptop එක දාලා ගිහින් තිබ්බොත් battery එකදිගටම ක්‍රියාත්මක වෙවී තියෙන්නේ නැහැ. ඔබ කර කර හිටපු වැඩ ටික save වෙලා laptop එක off වෙනවා.

  • Power Severe

ඔබේ laptop එකෙත් power severe එක on කරන්න. එමගින් laptop එකේ 20% පැනපු ගමන් power severe එක on වෙලා lap එකේ brightness අඩු කරලා, ක්‍රියාත්මක වෙමින් තියෙන අනවශ්‍ය apps සහ notifications ඉවත් කරලා. එම battery ප්‍රමාණයෙන් වැඩ කරන්න පුළුවන් විදිහට lap එක සකස් කරනවා. විශේෂයෙන්ම මෙම මෙය windows 10 system එකත් එක්ක එන පහසුකමක්.

  • Brightness

Laptop එකේ brightness 100 ටම වැඩි කරගන්නේ නැතිව අඩු කරලා වැඩ කරන්න. උපරිම අඩු කරනවා නම් වඩාත් හොඳයි. එමගින් laptop battery එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් වගේම ඔබේ ඇස් වලත් සිදු වන අපහසුව සහ හානිය අවම කරගැනීමේ හැකියාව තියෙනවා.

  • අනවශ්‍ය ගැජට් එකතු කිරීමෙන් වලකින්න

ගොඩක් අය laptop එකෙන් තමයි phone එකත් charge කරගන්නේ.ඒක හොඳම නැති වැඩක්. ඒකෙන් වෙන්නේ laptop එකේ වගේම phone එකෙත් ආයු කාලය අඩු වෙන එක. ඒ වගේම USB පෝට් වලින් පත්තු කරන lights, fan වගේ එක එක ගැජට් නිසා ද laptop battery එකේ ආයු කාලය අඩු වන බව මතක තබාගන්න.

  • උණුසුම

එළිමහනේ ඉඳගෙන වැඩ කරද්දී නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන.මොකද laptop එක උණුසුම් වීමෙන් laptop battery එකට විතක් නෙවෙයි අනෙක් අංග වලටත් හානි වෙන්න පුළුවන්. ඒ වගේම laptop battery එක උපරිම charge බහින්නක්ම්ම හිටියමත් battery එක රත් වෙනවා. මේකට හොඳම විසදුම් තමයි cooling fan එකක් laptop එකට සවි කරගැනීම. එමගින් battery එකේ charge එක විතරක් නෙවෙයි අනෙක් software වල ආයු කාලයත් දීර්ඝ කරනවා.

  • අනවශ්‍ය Apps

ඔබ laptop එකේ ආයු කාලය රැකගන්න නම් සමහර software install නොකර ඉන්න වෙනවා. ඒ නිසා laptop එකේ apps ගොඩක් ගොඩගහගෙන ඉන්නේ නැතිව අනවශ්‍ය apps uninstall කරන්න. Windows 10 වල නම් Setting වල Privacy windows එකට ගිහින්, ඒකේ යට තියෙන Background Apps එකට ගිහින් අනවශ්‍ය apps සියල්ල off කරන්. හැබැයි හැමදේම දැනගෙන කරන්න ඕන. මොකද සමහර apps තියෙනවා background එකේ run වෙනඑක system එකට අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ Task Manager open කරලා බලන්න පුළුවන් ඔබ නොදැන run වෙන අනවශ්‍ය software සහ services මොනවද කියලා.

ඒ වගේම තමයි මතක ඇතිව laptop battery එක හොඳටම අඩු වෙනකන් ඉන්නේ නැතිව 50%වගේ තියෙද්දි charge කරන්න. හැබැයි මේ කිසිම දෙයක් ඔබ නොදැන කරන්න යන්න එපා. Laptop එකට හානි වෙන්න පුළුවන්. ඒ නිසා මේ පරිගණක දැනුම තියෙන කෙනෙකුගෙන් අහලා දැනගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!