Press "Enter" to skip to content

ණය ටික ඉක්මනින්ම ගෙවලා ඉවර කරමුද ?

ණය කියන්නේ ඔබේ මූල්ය නිදහසට ඇති ලොකුම බාධාවක්. ඔබ එයට හසු වුණොත්, විශාල විදමක් දරන්න සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබව වල පල්ලට වුණත් ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් ණය ටික ගෙවලා දැම්මොත් ඔයාගේ සිතට ලොකු සහනයක්. ජීවන වියදමේ බරත් අඩු වෙයි. ඒ නිසාම මේ කියන්න යන්නේ ඉක්මනින්ම ණය ටික ගෙවලා දාන්න පුළුවන් ක්රම කිහිපයක් ගැනයි.

  1. නව ණය එකතු නොකරන්න

Credit Card භාවිතා කිරීම වහාම නවත්වන්න. හදිසි අවශ්යතාවයක් මිලට ගැනීම සඳහා පමණක් එක් ක්රෙඩිට් කාඩ්පතක් ළඟ තියාගන්න. ඒ වගේම ණය මුදල් කෙටි කාලයකදී ගෙවීමට හැකි බවට ඔබ ගැන විශ්වාසයක් ගොඩනගා ගන්න. එවිට ඔබේ ජීවන වියදමත් පාලනය කරගන්න පුළුවන්.

  1. වර්තමාන වියදම් වාර්තාවක් තියාගන්න.

ණය ගෙවන කාලය තුළ සහ ඊට පස්සෙත් අයවැයක් සකස් කරගන්න. ඒකට හොඳම සහ පහසුම ක්රමය තමයි Mobile Apps. ඔබට තියෙන්නේ Smart mobile එකක් නම්,එහි play store ගිහින් Money Manager කියලා Search කරලා බලන්න. එවිට Money Manager කියලා App එකක් දකින්න ලැබෙයි. එම App එක තුළ ඔබට පුළුවන් ඔබේ අදායම්, වියදම්, ණය සටහන් කර නිසියාකාරයෙන් කළමණාකරණය කරගන්න.

  1. අනවශ්ය සියල්ල විකුණන්න

ඔබ ණය ඉක්මනින් ගෙවා ඉවරයක් කර මුදල් ලබා ගන්න නම් පළමුව ඔබේ දේපල ගණන් බලන්න. පසුව අතිරික්තය විකුණා ණය ගෙවීමට එය භාවිතා කරන්න. හැබැයි ඔබට වැඩි දේපල ටික පමණක් විකුණන්න මතක තබාගන්න. ඔබට එය භාණ්ඩ තොග වෙළඳසැලක් හරහා, අන්තර්ජාල හරහා විකුනුම් කටයුතු කරගන්න පුලුවන්.

  1. අර්ධකාලීන රැකියාවක් සොයා ගන්න

ණය මුදල් ඉක්මනින්ම ගෙවලා ඉවර කරන්න නම්, Parttime Job එකක් සොයා ගන්න. එමඟින් ඔබේ ජීවන වියදම ටිකක් හෝ අවම කර් ගන්න හැකි වේවි.

  1. අවම ගෙවීමට වඩා වැඩි මුදලකින් ණය ගෙවා නිම කරන්න.

ඔබ Credit Card ණය, පුද්ගලික ණයක් හෝ කලින්ම ගෙවලා ඉවර කරන්. එවිට ඔබේ ණය මුදලට එකතු වන පොලී ප්රමාණය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ණය මුදල ලබා ගන්නා ආයතනයේ හෝ පුද්ගලයාගේ සිත දිනාගන්නත් පුළුවන්. අනාගතයේ යලි ණයක් ලබා ගැනීම ද පහසු වනු ඇති

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!