Press "Enter" to skip to content

ඔයාගේ හීන දිනාගන්න… මෙන්න මේ අයව ළඟින්ම තියාගන්න

මතකද පාසල් කාලේ ගුරුවරු අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ අපේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා. ඒ වගේ වෙලාවලදී ඔයා විවිධ උත්තර දීලා ඇති. එහි වගේම තමයි වයසින් වැඩෙනකොට ඔයාගේ උත්තර වෙනස් වෙලත් ඇති. පුංචි කාලේ අපිට විවිධ බලාපොරොත්තු තිබුණත් තරුණ කාලයට එනකොට වැඩිහිටි වියට එනකොට අපේ අවශ්‍යතාවයන්ට අනුව අපේ අනාගත අරමුණු ගොඩනැගෙනවා. අපි මේ අනාගත බලාපොරොත්තු වලට යන ගමනේදී අපිට ඇත්තටම උදව් කරන පිරිසක් හමු වෙනවා. හැබැයි අවාසනාවකට ඒ කවුද කියන එක ගැන අපිට දැනුමක් නැහැ. ඇත්තටම අපි හීන වලට යන ගමනේදී අපි ළඟින්ම තියා ගන්න ඕනේ කව්ද?මේ කියන්න යන්නේ ඒ ගැන.

  • තමන් හිසට තම අතමය
    අපට උදව් කරන්න කැමති බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් ඔයා දන්නවද ඔයාට උදව් කරන්න පුළුවන් හොඳම කෙනා තමයි ඔයා. ඔයාට තරම් ඔයා වෙනුවෙන් කැපකිරීම් කරන්න පුළුවන්, ඔයා ගැන හොඳින් දන්න වෙන කෙනෙක් නැහැ. අන්න ඒ නිසා ඔයාගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඔයාට විශ්වාස කරන්න පුළුවන් පළවෙනි කෙනා තමයි ඔයා. ඒ නිසා හැකි හැම වෙලාවකම ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න.
  • මුල් ගුරුවරු
    ඊළඟට අපේ හීන ගැන දන්නේ අපේ දෙමව්පියන්. එහෙම නැත්නම් භාරකාරයින්. මොකද අපේ දෙමව්පියන් අපිට හොඳම දේ ලබා දෙන්න හැම වෙලාවකම උත්සහ කරනවා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඕනෑම දෙයක් කැප කරන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි ඔයා ජයග්‍රහනය කරන මොහොතක පිටිපස්සෙන් ඉඳගෙන ඔයාට අත්පොළසන් දෙන්න ඉන්නෙත් අන්න ඒ දෙමව්පියන්ව තමයි. ඒ නිසා ඔවුන් ගැන පුර්ණ විශ්වාසය තියන්න වගේම, ඔයාගේ අනාගතේ ගැන කතා කරන්න දෙමාපියන්ව තෝරා ගන්න.
  • ගුරුවරුන් සහ උපදේශකයින්
    ඔයාගේ අනාගත බලාපොරොත්තු ගැන කතා කරන්න සුදුසු පුද්ගලයින්ගෙන් කොටසක් තමයි ගුරුවරු සහ උපදේශකයින්. විවිධ ක්ෂේත්‍ර වල නිරත වෙලා ඉන්න ඔවුන්ට විශාල දැනුමක් තිබෙනවා. අන්න ඒ නිසා ඔයා යන්න ඕනේ හරිම පාර පෙන්වන්න ඔවුන්ට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් එයාලට කියන්න පුළුවන්. ගුරුවරුන් කියන්නේ ඇවිදින පුස්තකාලයක්.
  • පවුල සහ මිතුරන්
    ඊළඟට ඔයාට සහාය දෙන්න පුළුවන් හොඳම අය ඉන්නේ ඔයාගේ පවුලේ. ආච්චි, සීයා, නංගි, මල්ලි, අක්කා, අයියා වගේම ඥාති සහෝදර සහෝදරියනුත් ඒ අතර ඉන්න පුළුවන්. ඔවුන්ගේ අත්දැකීම් ඔයාට යන්න ඕනේ පාර හරියටම පෙන්වාවි. ඔයාගේ අභිලාෂයන් වෙනුවෙන් රෑ නිදිමරාගෙන වුණත් වැඩ කරන්න ඔවුන් එකතු වේවී. ඒ වගේම තමයි හොඳම මිතුරන්. ඔයාගේ සතුටේදී වගේම දුකේදීත් ඔයා ලඟින්ම ඉන්න සැබෑ මිතුරන් හඳුනා ගන්න. ඔවුන් සමඟින් ඔබේ හීන වලට යන්න පහසු වේවී.

ඉතින් ඔයාට තේරෙනවා නේද? ඔයා ඔයාගේ අභිලාෂයන් වලට යන්න තෝරගන්න පාර දෙපස ඇත්තටම ඉන්න ඕනේ කවුද කියලා. මුලින් ඔයා ඔයාව විස්වාස කරන්න. ඒ වගේම ඇත්තටම ඔයාට හදවතින්ම ආශිර්වාද කරන පිරිසක් ඔයාගේ වටා එකතු කරගන්න. අන්න එතකොට ඔයාගේ අරමුණුවලට යන්න ගොඩක් ගොඩක් පහසු වේවි.(behappy.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!