Press "Enter" to skip to content

තත්පර 30ක් සබන් ගාලා අත් සේදුවේ නැත්නම් කොරෝනා ඔබට කරන දේ මෙන්න.

ලෝකයේම පැතිරී යන කොරෝනා රෝගයට සෑම රටක්ම වගේ ගොදුරු වෙලා. ඒ අතර ඒ වනවිට ලංකාවත් ඉන්නවා. මෙම රෝගයෙන් බේරන්න, එහෙමත් නැති නම්වැළක්වීමට විවිධ සෞඛ්ය පුරුදු ගැන ජන මාධ්ය සහ වෙනත් ක්රම මඟින් ඔබ නිරන්තයෙන් දැනුවත් වෙනවා. මෙහි number 01 අත් සේදීමයි. අපි කලින් දැනුවත් කළා දෑත් පිරිසිදු කරන්න HAND SANITIZER ගෙදරදීම හදාගන්න ආකාරය ගැනත්.

හැබැයි මේ කියන්න යන්නේ කොරෝනා වෛරසයෙන් බේරෙන්න අත් දෙක සෝදන එක කොතරම් වැදගත් ද කියන එකයි. ඇත්තටම ඔබ නිවැරදිව අත් සෝදන හැටි දන්නවද? අත් සෝදපු පළියට විෂබීජ මැරෙනවද ?

මෙන්න මේ ප්රශ්නය විදෙස් මාධ්යවේදියෙක් සහ වෛද්යවරු කිහිපදෙනෙක් එකතුවෙලා පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඔවුන් UV light එකක් තියෙන කැමරාවක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදු කළා. එම කැමරාවට අනුව පහත තියෙන අත්වල සුදු පාටට පෙන්නේ විෂබීජ තියෙන තැන්.

• මේ, සබන් හෝ ජලයෙන් අත් සේදීමට පෙර.

• සාමාන්ය ජලයෙන් තත්පර 3ක් විතර අත් සේදුවාට පසු

• තත්පර 6ක් ජලයෙන් අත් සේදුවට පසුව

• සබන් ගාලා තත්පර 6ක් අත් සේදුවාවට පසු

• සබන් ගාලා තත්පර 20ක් අත් සේදුවාට පසු

• මෙම අවසන් ඡායාරූපයෙන් පැහැදිලි වෙන්නේ තත්පර 30 සබන් ගාලා අත් සේදුවට පසු

ඔබ මතක තියාගන්න, විෂබීජ ගොඩක් දුරට විනාශ වෙන්න නම් තත්පර තිහක් පමණ කාලයක් සබන් ගාලා අත් දෙක නිවැරදිව සෝදන ඒක ගොඩක් වැදගත්.

More from | Be HealthyMore posts in | Be Healthy »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!